Saturday, August 6, 2011

IRAJ - Policiya (Official Video) (720P) Video Download

ඔන්න ගොඩ කාලයක් නිහඩව හිටපු ඉරාජ් පෙරේදා (04) එයාගේ පොලිසිය සින්දුවේ මියුසික් වීඩියෝ එක Release කරලා තිබ්බා. සුපුරුදු විදිහට මේක Exclusive Release කරලා තිබ්බේ ලංකාවේ සුප්‍රසිද්ධ Forum එකකට. නමුත් අවාසනාවකට ඊට පසු දින වෙබ් අඩවිය අඩාල වී තිබේ. (මේ ලියන අවස්ථාව දක්වාත් වෙබ් අඩවිය ක්‍රියාත්මක නොවේ) ඒ හින්දා මේක Download කරගන්න ගියපු ගොඩක් අයට එම අවස්ථාව මග හැරුනි. ඉක්මනට එම අඩවියේ Admin වරුන්ට මෙම අඩවිය යතා තත්වයට පත් කරගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තු වෙමි. ඔබට පහතින් මෙම මියුසික් වීඩියෝව Download කරගත හැක.

කෙසේ වෙතත් මෙම ගීතය ගැන යමක් කියනවා ඉරාජ් ශ්‍රීලංකාවේ පොලිසියේ අක්‍රමිතා ඉතා සියුම් ලෙස උපහාසයට ලක් කර තිබෙන අතර ලංකාවේ රූපවාහිනි නාලිකා බොහෝ දුරට මෙම වීඩියෝව ප්‍රදර්ශනයෙන් වලකින බව විශ්වාස කලහැකියි (මීට කලින් වෙලා තිබෙනවා) ඉරාජ් අයියා සහ අපේ රටේ සංගීතඥඥයෝ ගැන නම් වෙනම ලිපියක් පල කරන්න පුලුවන් ඒ ගැන කියලා. අටපට්ටම වෙබ් අඩවියේද මේ ගැන ලිපියක් පලවී තිබුනා.

ඔබට මෙතනින් මෙහි වීඩියෝව Download කර ගත හැක.


IRAJ - Policiya (Official Music Video) [720p] {Compressed} {MaXoR}

ගායනය හා සංගීතය - ඉරාජ් වීරරත්න
රූප රචනය - ThaalaRoopa Revolution  

Source: Elakiri.com Official YouTube Channel

Friday, August 5, 2011

The Adventures of Tintin (2011) ගැන තවත් විස්තර ටිකක්

ටිංටිං ගැන කියනවනම් මීට කලිනුත් මම ලිපියක් ඉදිරිපත් කරලා තිබ්බනේ. මේ එම චිත්‍රපටිය ගැන තවදුරටත් කරුනු දැන් පිටවෙලා තියනෙවා. මේ චිත්‍රපටිය සුපිරි අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙක් එකතු වෙලා කරන නිර්මානයක් නිසා ලොකු සාර්ථකභාවයක් ලබයි කියා විශ්වාස කල හැකියිත කෙසේ වෙතත් මෙම චිත්‍රපටය නිකුත් වීමට නියමිත වන්නේ 2011 ඔක්තෝබර් 26 වෙනිදා එක්සත් රාජධානියට සහ 2011 දෙසැම්බර් 23 ලොව පුරා ප්‍රදර්ශනය වන පරිදිය. ඒ කියන්නේ නත්තල් වලට. මොනව නැතත් ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන්න කැමති චිත්‍රපටියක් වෙයි කියලා තමා මගේ බලාපොරොත්තුව.

මෙහි කථාව කෙටියෙන් කිව්වොත් ටිංටිං සහ එයාගේ මිත්‍රයෝ ටික කැප්ටන් හැඩොක්ගේ මුතුන්මිත්තෙක් වුනු Sir Francis Haddockගේ ගිලුනු යුනිකොන් නියන නැවක් හොයාගන යනවා. මේ නැවේ නිධානයක් ගෙන යමින් ඉදලා තිබෙනවා. මෙම නිධානය නිධන් හොරුන් වගයක්ගෙන් බේරාගැනීම තමයි ඉතින් චිත්‍රපටියේ තියෙන්නේ.

මෙම චිත්‍රපටිය හර්ජ්ගේ (ටිංටිං කතා මාලාවේ නිර්මාතෘ)  කතා තුනක් අනුසාරයෙන් තමා නිර්මානය වෙලා තියෙන්නේ

01. The Crab with the Golden Claws
02. The Secret of the Unicorn
03. Red Rackham's Treasure

තව දෙයක් කියන්න තියෙනවා අපේ A/L කරන අක්කලාට,අයියලාට හොදට ලියන්න ලැ‍බේවයි කියලත් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය!!! Good Luck!!!