Thursday, May 5, 2011

ඔබේ පරිගනකයේ වෙලාව ලංකාවේ නිවැරදි වේලාවද?

අපේ ගොඩක් අයගේ පරිගනකයේ වෙලාව වැරදියි. (මගෙත් එහෙමයි). ඕකට ඉතින් තියෙන හොදම විසදුම Time Server එකකින් System Time එක Synchronize කිරීම තමයි. ඒත් ඉතින් කොහෙද ඔය Time Server එක තියෙන්නේ. අන්න ඒක තමයි අද කියලා දෙන්නේ (මේක සුලු දෙයක් වුනාට සමහර අය දන්නේ නෑ).


01. වෙලාව වැටෙන තැන Double Click කරලා හරි, Right Click කරලා එන මෙනූ එකෙන් Adjust Date/Time තෝරලා හරි Date And Time Properties වින්ඩොව් එක ගන්න.

02. ඒකේ Time Zone Tab එක සිලෙක්ට් කරලා (GMT +05:30) Time Zone එක දෙන්න.

03. ඊට පස්සේ Internet Time කියන Tab එක සිලෙක්ට් කරලා Server කියන තැනට sltime.org කියන URL එක දෙන්න. දැන් Update Now ක්ලික් කරන්න. එච්චරයි!
04. දැන් ඔයාගේ වෙලාව හරිද කියලා බලන්න ඕනේ නම් http://www.sltime.org වෙබ් අඩවියට යන්න. එවිට ඔබේ වෙලාව නිවැරදිව Config වෙලා තියෙනවද කියලා පෙන්නාවි.

ප.ලි:- මෙය ශ්‍රීලංකාවේ සම්මත වෙලාවයි. වෙනත් රටවල සම්මත වේලාවට මෙය අනුකූල නොවේ. (පින්තූර පැහැදිලි නැත්නම් ඒවා උඩ ක්ලික් කර බලන්න)

Source:- www.sltime.org

Tuesday, May 3, 2011