Friday, March 25, 2011

Australia Vs. India ICC CWC 2011 2nd Quarter Final Match (කැන්ගරුවන්ට මූණ දෙන්න බැරුව සිටී)

දැනට පැය 2 කට පමණ පෙර තීරණාත්මක ඕස්ට්‍රේලිය හා ඉන්දීය පිළ අතර 2011 ලෝක කුසලාන තරගාවලියේ 2 අර්ධ අවසන් පූර්ව තරගය නිමා වුනි.
හරි දැන් මෙතන ඉදන් තේරෙන භාෂාවෙන් ලියන්නම්කෝ. මම මේක ලියන්නේ කැන්ගරුවන්ට මූණ දෙන්න බැරුව සිටින අවස්ථාවක සිටයි. ඒක හින්ද ඒ අය මූණ හංගගෙන. මේ වෙලාවට තමයි ළහිරුගේ බජිරි සිංදුව අපරාදේ තහනම් කරේ කියලා හිතෙන්නේ. අපේ මිනිස්සුන්ට අර රස විඥානය කියන එව්වා එක නෑනේ. ඒකනේ මේ ඔක්කොටම මුල.

ඉන්දියන් කාරයෝ ගැහුවා කැන්ගරුවන්ට උඩ දාගෙන. වැදුන වැදිල්ලට ‍රිකී පොන්ටියා අනිවාර්්‍යන්ම අද රැම ඉන්දියාවෙන් මාරු වෙන එක ආය ෂුවර්. උන්ට නෝන්ඩිය ඉවසගන්න බැරුව ඇති.
ඊලගට ඉන්දියාවට තිබෙන්නේ තවත් තීරණාත්මක තරගයක් ඒ පකිස්ථාන පිළට එරෙහිවයි
ඇත්තටම මට ඕස්ට්‍රේලියාව පැරදුන සතුටට මේක නොලියා ඉන්න බැරි වුනා. ඒකයි මේක ලිව්වේ
තව මට ලැබිලා තියෙනවා මෙම තරගයේ දැන් ටිකකට කලින් පිටවුනු උනු උනු දුම් දාන පින්තූර වගයක්. ඔයාලටත් පේනවනේ දුම් දානවා.














Thursday, March 24, 2011

‍‍ශ්‍රී ලාංකික Facebook සාමාජික ඔබ සැමට

මේ Post එක දාන්නේ ටිකක් හදිසියෙන් වචන එහෙම ටැපලිලා තිබුනොත් සියලු සත්වයෝ මා වෙනුවෙන් කමත්වා!


මේකයි කථාව, දැන් ටිකකට කලින් මම බනියත් එක්ක මූනුපොතේ™ චැටක් දාගෙන හිටියා පොඩි ආගම් පළහිලව්වක් ගැන (බ්ලොග් අවකාශයේ මිතුරෝ හවුලේ හිටපු අය දන්නව ඇති සිද්ධිය) ඔන්න මම PirateBunny ට පොඩි උපදේශයකුත් දීලා චැට් එක ඉවර කරා. ඊට පස්සේ ඉතින් මම පොඩ්ඩක් බැලුවා බුදුහාමුදුරුවෝ ගැන මූනුපොතේ(Facebook™) කොච්චර Pages තියෙනවාද කියලා. කියන්න සතුටුයි හුගක් තියෙනවා (ගනන් කරේ නෑ) ඔන්න ඔහොම බල බල...... යන අතරේ හම්බවුනා මෙන්න මේක BuddhaPie කියලා කැනඩාවේ ටොරොන්ටෝ වල තියෙන පීසා අවහන්හලක්.

මුං කන්නේ බුද්ධ ධර්මය. ඒක Page එකේ වැඩිය කියලා නැති වුනාට බලන්න Web Address එකේ නම පොඩ්ඩක්! http://www.facebook.com/eatBuddhaPie
මේ Restarunt එකට තව Page තියෙනවා (ඊ-සිංහලයා තමයි මේ Page ටික හොයලා දුන්නේ)

01. https://www.facebook.com/eatBuddhaPie
02.  https://www.facebook.com/buddhapie 
03   https://www.facebook.com/pages/Buddha-Pie/171399472877606



ඔන්න ඕකයි Site එක
 මේක Official Site එකලු- http://www.buddhapie.ca

දැන් අපි මේකට මොකද්ද ගන්න action එක. Facebook එකේ අපිට මේකට කරන්න දෙයක් තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඒ Facebook Team එකට මේක පිලිබද Report කිරීම. ඒ ගොල්ලෝ මේ වගේ Commercial දෙයක් එක් කෙනෙක් කිව්ව පලියට අයින් කරන්නේ නෑ. අන්න එතනදී තමයි අපි ඔක්කොම එකතු වෙලා මේ දේ කරන්න ඕනේ.
Page එකක් Report කරන විදිහ දන්නැති අයට දැනගන්නත් එක්ක මෙතන දාන්න හිතුවා.
ඔයාලටත් දවසක ඔයාලට හානි වෙන දෙයක් Facebook එකේ තිබුනොත් එදාට මේ සේවය ඕනේ වෙනවා

Facebook™ හි Content එකක් Facebook Developing Team එකට Report කරන ක්‍රමය

01. Facebook වල ඕනෑම Content එකක වම් පැත්තේ අයිනේ මෙවැනි Link එකක් ඔබට දැක ගත හැකියි
02. එම Link එකෙන් ඔබව මෙවැනි Window එකකට ගෙන එනවා, ඉන්පසු රූප වල දැක්වෙන පරිදි ඉදිරියට යන්න.

03. ඔය Step එකෙන් පස්සේ Submit කියන බොත්තම ඔබන්න. දැන් මෙම Message එක ඔබට ලැබෙයි.
                                                                                                                                                      


Top Secret:- මගේ Intelligence Devision එක මගින් මේක තියෙන තැනත් හොයාගත්තා. මෙන්න ඒකත් දැම්මා
හරි කට්ටියම එහෙනම් Report කරන වැඩේ පටන් ගමු. Comment එකක් දාලා යන්න. ඔබගේ අදහස් මෙයට උපකාරී වේවී. මතක් කරලා Facbook ඉන්නවනම් මේක Report කරන්න. අපේ පැත්තෙන් වෙන්න ඕනේ දේ අපි කරමු.



P.S:- තව දෙයක් කියන්න ඕ‍නේ මේක ගැන Facebook එකේ කථා කරා විතරයි. ඒ වෙනකොට Online හිටපු අයගෙන් හොද ප්‍රතිචාර ආවා. මේ අපේ අච්චාරු මුදලාලිගේ Post එක මෙතැනින් ගන්න