මේකයි කථාව, දැන් ටිකකට කලින් මම බනියත් එක්ක මූනුපොතේ™ චැටක් දාගෙන හිටියා පොඩි ආගම් පළහිලව්වක් ගැන (බ්ලොග් අවකාශයේ මිතුරෝ හවුලේ හිටපු අය දන්නව ඇති සිද්ධිය) ඔන්න මම PirateBunny ට පොඩි උපදේශයකුත් දීලා චැට් එක ඉවර කරා. ඊට පස්සේ ඉතින් මම පොඩ්ඩක් බැලුවා බුදුහාමුදුරුවෝ ගැන මූනුපොතේ(Facebook™) කොච්චර Pages තියෙනවාද කියලා. කියන්න සතුටුයි හුගක් තියෙනවා (ගනන් කරේ නෑ) ඔන්න ඔහොම බල බල...... යන අතරේ හම්බවුනා මෙන්න මේක BuddhaPie කියලා කැනඩාවේ ටොරොන්ටෝ වල තියෙන පීසා අවහන්හලක්.
මුං කන්නේ බුද්ධ ධර්මය. ඒක Page එකේ වැඩිය කියලා නැති වුනාට බලන්න Web Address එකේ නම පොඩ්ඩක්! http://www.facebook.com/eatBuddhaPie
මේ Restarunt එකට තව Page තියෙනවා (ඊ-සිංහලයා තමයි මේ Page ටික හොයලා දුන්නේ)
01. https://www.facebook.com/eatBuddhaPie
02. https://www.facebook.com/buddhapie
03 https://www.facebook.com/pages/Buddha-Pie/171399472877606
ඔන්න ඕකයි Site එක
මේක Official Site එකලු- http://www.buddhapie.ca
දැන් අපි මේකට මොකද්ද ගන්න action එක. Facebook එකේ අපිට මේකට කරන්න දෙයක් තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඒ Facebook Team එකට මේක පිලිබද Report කිරීම. ඒ ගොල්ලෝ මේ වගේ Commercial දෙයක් එක් කෙනෙක් කිව්ව පලියට අයින් කරන්නේ නෑ. අන්න එතනදී තමයි අපි ඔක්කොම එකතු වෙලා මේ දේ කරන්න ඕනේ.
Page එකක් Report කරන විදිහ දන්නැති අයට දැනගන්නත් එක්ක මෙතන දාන්න හිතුවා.
ඔයාලටත් දවසක ඔයාලට හානි වෙන දෙයක් Facebook එකේ තිබුනොත් එදාට මේ සේවය ඕනේ වෙනවා
Facebook™ හි Content එකක් Facebook Developing Team එකට Report කරන ක්‍රමය
01. Facebook වල ඕනෑම Content එකක වම් පැත්තේ අයිනේ මෙවැනි Link එකක් ඔබට දැක ගත හැකියි
02. එම Link එකෙන් ඔබව මෙවැනි Window එකකට ගෙන එනවා, ඉන්පසු රූප වල දැක්වෙන පරිදි ඉදිරියට යන්න.
03. ඔය Step එකෙන් පස්සේ Submit කියන බොත්තම ඔබන්න. දැන් මෙම Message එක ඔබට ලැබෙයි.
Top Secret:- මගේ Intelligence Devision එක මගින් මේක තියෙන තැනත් හොයාගත්තා. මෙන්න ඒකත් දැම්මා
හරි කට්ටියම එහෙනම් Report කරන වැඩේ පටන් ගමු. Comment එකක් දාලා යන්න. ඔබගේ අදහස් මෙයට උපකාරී වේවී. මතක් කරලා Facbook ඉන්නවනම් මේක Report කරන්න. අපේ පැත්තෙන් වෙන්න ඕනේ දේ අපි කරමු.
P.S:- තව දෙයක් කියන්න ඕනේ මේක ගැන Facebook එකේ කථා කරා විතරයි. ඒ වෙනකොට Online හිටපු අයගෙන් හොද ප්‍රතිචාර ආවා. මේ අපේ අච්චාරු මුදලාලිගේ Post එක මෙතැනින් ගන්න