කොහොම වුනත් මීට මාස කිහිපයකට කලියෙන් Etisalat Srilanka සමාගම ඔවුන්ගේ පේස් බුකිය හරහා නිවේදනය කොලා 3G පහසුකම් දෙන බව. මෙන්න මේ විදිහට

ඔන්න ඔහොම අප්‍රේල් මාසේ එනවා කියපු එටිසලාට් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් 3.75 G තාක්ෂනයෙන් යුක්තයි. දැන් අහන්න එපා මොකක්ද 3.75 කියන්නේ කියලා. ඒක ගැන පස්සේ පොස්ට් එකක් දාන්නම්. කෙසේ වෙතත් දැන් අප්‍රේල් ඉවර වෙන්නත් ලගයි. එටිසොලාට් ගොයියා අපිව අන්දනවද දන්නේ නෑ. මොනව නැතත් කට්ටියම බලාපොරොත්තු වෙන්නේ ලාබෙට වේගවත් අන්තර්ජාල සබදතාවයක් ලබාගැනීටයි.
කෙසේ වෙතත් මම අද මගේ HSDPA මොඩම් එක නිකමට වගේ මැනුවල් සර්ච් පාරක් දැම්මා. මෙන්න බොලේ වෙනදා පෙන්නුවේ DIALOG (3G) කියලයි Mobitel (3G) කියලයි විතරයි. ඒක දැකලම මට එපාවෙලා තිබ්බේ. ඒත් අද ඒකට අලුත් සගයෙක් එකතුවෙලා ඒ Celltel (3G)
පේන්නේ නැත්නම් ලොකු කරලා බලන්න
(Celltel කියලා තියෙන්නේ Network එක තාමත් වැඩ කරන්නේ මුල් සමාගම හදපු Network Structure එකටම හින්ද). පේන විදිහට ලොකු 3G coverage එකක් දෙන්න වගේ යන්නේ පටන් ගද්දීම. අන්න company.Customers ලාට සලකන (පොඩ්ඩක් කඩේ ගියා).මොනව වුනත් මේ ආරබි කාරයා හෙට අනිද්දාම අපිට ජංජාලේ සැරසරන්න දෙන බට ෂුවර්. පට්ට නෙව. ඒ වුනත් මම නිකං බැලුවා Etisalat මව් සමාගම කොහොමද එහේ ඉන්ටර්නෙට් වලට අයකරන්නේ කියලා. බුදු අම්මො අන්ලිමිටඩ් පැකේජ් එක 395 AED (රුපියල් 12000.00) සෙල්ලං නෑ. (මම හිතන්නේ ඕකට ගොඩක් හේතු ඇති) එහේ ඉතින් තඩි රටකට Coverage එක දෙන්නත් තියෙනවානේ. අනිත් එක තෙල් හින්ද පට්ට සල්ලියක් තියෙන්නෙත්. හරි හරි කමක් නෑ අපිට ඔය සෙල්ලං දාන්න එන්න එපා හරි කුඩු වෙන්න ගහනවා හරී (කාටවත් ඇහුනේ නෑනේ)
P.S - අද පොස්ට් එක ටිකක් දිග වුනා ගනන් ගන්න එපා. තව ආරංචි තියෙනවා නම් Comment තීරුවේ දාන්න.
Posted By:- MaXoR (Site Administrator - 2011-04-26)