Tuesday, April 26, 2011

Etisalat 3G? ලාබයි ලාබයි ලාබයි!!!

මම මුලින්ම වෙන පෝස්ට් එකක් තමයි දාන්න හිටියේ. (මගේ යාලුවෙක්ට වෙච්ච සීන් එකක්ග පොඩි රස කථාවක්) ඒත් අද කරපු පොඩි පරික්ෂනයකින් පස්සේ මට හිතුනා මේ පෝස්ට් එක දාන්න. කෙලින්ම ගේමට එන්ටර් වෙන්නන්කෝ වටේ කැරකෙන්නේ නැතුව. අපිට ඉතින් ලංකාවේ ඉන්ටර්නෙට් ISP ලා ටික රත්තරන්නේ.(‍අනේ ඉතින් මගේ කට). ඔන්න ඔය ISP අංකල්ලා අපිට දෙන පැකේජ් අපේ ඇස් වහලා දෙන්නේ කියලත් දන්නවනේ. 3.6 Mbps කනෙක්ෂන් එකක් නම් ලැබෙන්නේ උපරිම 256 Kbps. ඔන්න ඔහොමනේ තත්වේ. ඔන්න ටිකක් හරි Speed කනේක්සොන් එකක් ගන්න පුලුවන් ශ්‍රී ලඩකා බෙල් එකෙන්. එත් ඉතින් ඒව්ව ගිනි ගනන් නේ. අපි වගේ එවුන්ට මොන ලඩකා බෙල්ද? (සමහර අයට) අන්න ඒක නිසා අපිට ඉතින් HSDPA තාක්ෂනේ පිහිට තමයි. එහෙම කියලත් අන්ලිමිටඩ් දෙන්නෙත් අපේ ඩයලොග් අයියලා නේ. අපේ ලංකාවේ ඉන්ටර්නෙට් පරන විදිහට කියනවනම් කොරියාවේ ඉන්ටර්නෙට් වගේ. අද විදිහට කියනවනම් සෝමාලියවේ මුහුදු මංකොල්ලකාරයොත් මීට වැඩිය සැපට ජංජාලේ පාවිච්චි කරනවා. (කොරියාවේ තමයි අද හොදම ඉන්ටර්නෙට් සේවා තියෙන්නේ, කොරියන් කාරයෝ ඉන්නවා නම් සොරි වේවා.මම නිකන් කටට ආවට කිව්වේ. මගේ මාස්ටරුත් කොරියන්. පස්සේ දවසක එතුමා ගැන දාන්නම්)

කොහොම වුනත් මීට මාස කිහිපයකට කලියෙන් Etisalat Srilanka සමාගම ඔවුන්ගේ පේස් බුකිය හරහා නිවේදනය කොලා 3G පහසුකම් දෙන බව. මෙන්න මේ විදිහට

ඔන්න ඔහොම අප්‍රේල් මාසේ එනවා කියපු එටිසලාට් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් 3.75 G තාක්ෂනයෙන් යුක්තයි. දැන් අහන්න එපා මොකක්ද 3.75 කියන්නේ කියලා. ඒක ගැන පස්සේ පොස්ට් එකක් දාන්නම්. කෙසේ වෙතත් දැන් අප්‍රේල් ඉවර වෙන්නත් ලගයි. එටිසොලාට් ගොයියා අපිව අන්දනවද දන්නේ නෑ. මොනව නැතත් කට්ටියම බලාපොරොත්තු වෙන්නේ ලාබෙට වේගවත් අන්තර්ජාල සබදතාවයක් ලබාගැනීටයි.

කෙසේ වෙතත් මම අද මගේ HSDPA මොඩම් එක නිකමට වගේ මැනුවල් සර්ච් පාරක් දැම්මා. මෙන්න බොලේ වෙනදා පෙන්නුවේ DIALOG (3G) කියලයි Mobitel (3G) කියලයි විතරයි. ඒක දැකලම මට එපාවෙලා තිබ්බේ. ඒත් අද ඒකට අලුත් සගයෙක් එකතුවෙලා ඒ Celltel (3G)

පේන්නේ නැත්නම් ලොකු කරලා බලන්න
(Celltel කියලා තියෙන්නේ Network එක තාමත් වැඩ කරන්නේ මුල් සමාගම හදපු Network Structure එකටම හින්ද). පේන විදිහට ලොකු 3G coverage එකක් දෙන්න ‍වගේ යන්නේ පටන් ගද්දීම. අන්න company.Customers ලාට සලකන (පොඩ්ඩක් කඩේ ගියා).මොනව වුනත් මේ ආරබි කාරයා හෙට අනිද්දාම අපිට ජංජාලේ සැරසරන්න දෙන බට ෂුවර්. පට්ට නෙව. ඒ වුනත් මම නිකං බැලුවා Etisalat මව් සමාගම කොහොමද එහේ ඉන්ටර්නෙට් වලට අයකරන්නේ කියලා. බුදු අම්මො අන්ලිමිටඩ් පැකේජ් එක 395 AED (රුපියල් 12000.00) සෙල්ලං නෑ. (මම හිතන්නේ ඕකට ‍ගොඩක් හේතු ඇති) එහේ ඉතින් තඩි රටකට Coverage එක දෙන්නත් තියෙනවානේ. අනිත් එක තෙල් හින්ද පට්ට සල්ලියක් තියෙන්නෙත්. හරි හරි කමක් නෑ අපිට ඔය සෙල්ලං දාන්න එන්න එපා හරි කුඩු වෙන්න ගහනවා හරී (කාටවත් ඇහුනේ නෑනේ)

P.S - අද පොස්ට් එක ටිකක් දිග වුනා ගනන් ගන්න එපා. තව ආරංචි තියෙනවා නම් Comment තීරුවේ දාන්න.

Posted By:- MaXoR (Site Administrator - 2011-04-26)

10 comments:

  1. කවරේජ් මඩි කම තමයි තියෙන්නේ.

    ReplyDelete
  2. @ අසංක:- ඩයලොග් තමයි ලොකුම කවරේජ් එක තියෙන්නේ. 3G Coverage එක නම් dialog,Mobitel ටිකක් සමානයි. හුලං ටෙල් (AirTel) අඩුයි. එටිසලාට් කොහොමද දන්නේ නෑ.

    ReplyDelete
  3. හුලංටෙල් එකේ 3G තිබුනත් පට්ට slow නේ.

    ReplyDelete
  4. හුලංටෙල්ලා කියන්නේ මෙහෙම.

    මහත්තයා ඉන්නේ 2G නිසා අපි වැඩි උනදුවක් දෙන්නේ දුරකතන ඇමතුන් වලටයි SMS වලටයි එවාට පස්සේ තමලු ඉන්ටනෙට් ටවර් එකේ Call ගන්න සංඛ්‍යාව වැඩි වෙලා SMS ගහන සංඛ්‍යාව වැඩි වෙලා ඉන්ටනෙට් යන සංඛ්‍යාව වැඩි වු විට ස්වකීයව බෙදනවලු ඉන්ටනෙට් වේගය එක්කෙනකුට Kbps 400 වගේ කරන්න දෙයක් නැලු කිව්වා නැති කමට යනවා

    ReplyDelete
  5. @ Anonymous 1:- අපිට හුලං ටෙල් 3G නෑ බං. ආවොත් නම් මරු. මෙහෙ එච්චර Users ලා නෑ. ඒත් කැම්පස් අයියලා ටික ඒ අඩුව පුරවනවා Heavy users ලා විදිහට

    @ Anonymous 2:- හුලං ටෙල් විතරක් නෙමේ හැම එකම ඔහොම තමයි. විශේෂයෙන් Mobitel ලාට ඕක වෙලා තියෙන්නේ

    ReplyDelete
  6. ow bang dan 3G deela godak dawas ..mun eka paratama okkoma watenna deida danna aduwatama

    ReplyDelete
  7. Best Coverage-Mobitel
    Lovest coverage-Airtel
    Best Unlimited(HSPA) postpaid prizes-Dialog
    Best Limited(HSPA)prepaid prizes-Airtel
    Best Sපීඩ්-?????

    බලමු Etisalat කොහොම් වෙයිද කියලා.

    ReplyDelete
  8. මේ මං කරපු ස්පීඩ් ටෙස්ට් එකක්

    device - ZTE MF 626 (max 3.6 Mbps)

    http://speedtest.net/result/1252888268.png

    http://speedtest.net/result/1252887302.png

    ReplyDelete
  9. Mobitel හා Dialog යන දෙකම 3.75G දෙනවා නේ

    ReplyDelete
  10. @ Bata - pissuda bun danatamath prices release karala.

    @ Anonymous - දැනට නම් එටිසලාට්

    @ Anonymous - තැන්කූ යූ බං. දැන් ඒ කියන්නේ කනෙක්ෂන් විකුනන්න තියෙනවාද?

    @ චමිත් - ඔව් ඒත් මචං 3.75G කිව්වට හැම තැනටම දෙන්නේ නෑ නේ. සමහර තැන්වල UMTS තියෙන්නේ

    ReplyDelete