Friday, April 22, 2011

අපි කොහොමද මිහිකතට සැලකුවේ

අද මිනිසාට වගේම මිහිකතටත් විශේෂ දවසක්. ඒ අද (22 වෙනිදා) මිහිකත දිනය වන නිසායි. ලෝකයම අද මිහිකත වෙනුවෙන් සමරනවා. (මට නම් ලංකාවේ ඒ බවක් පෙනුනේ නෑ. පෙනුනනම් අදහස් තීරුවේ දක්වන්න)  මුලින්ම බලමු මෙම මිහිකත දිනයේ ඉතිහාසය. ලෝක මිහිකත දිනය පිලිබද මුල්ම අදහස එක් කලේ ඇමරිකානු සෙනෙට් සභික ගේලොඩ් නෙල්සන් විසින් පරිසර සමුලුවකදී 1970 අප්‍රේල් 22 දිනයි. මුල්ම මිහිකත දිනය ඇමරිකාව තුල පමණක් ක්‍රියාත්මක වූවකි. නමුත් එම පරිසර සංවිධානයේ නිර්මාතෘ වන ඩෙනිස් හෙයිස් තමයි ලෝකය වෙත 1970 දී මෙම දිනය පිළිබද අදහස ලෝකයට ගෙන ගියේ. එදා සිට අද වන තුරු ලෝකය පුරා වාර්ෂිකව මෙම දිනය සමරනු ලබනවා. මේ සමරන්නේ 40 වෙනි මිහිකත දිනයයි.
                                                                  ගේලොඩ් නෙල්සන්
                                                       

40 වෙනි මිහිකත දිනය අප සැමරුවාට ලෝකය මිනිසාට නැත්නම් ජීවින්ට වසර මිලියන ගනනක් තම සෙවෙන ලබා දී තිබෙනවා. ජීවයේ පරිනාමයට අතීතයේදීත්, අදත්, අනාගතයටත් සෙවන සලසනවා ඇති. එසේ කරන ලද ‍පෘථිවියට පසුගිය සියවසේදී පමණක් මිනිසා නැමැති ඉහල බුද්ධියක්, චින්තන හැකියාවක් ඇති ජීවියා කරන ලද දායාද කීරීම් පිලිබද මේ 40 වෙනි මිහිකත දිනයේදී ඔබ මදක් කල්පනා කර බලන්න. ඔබගෙන් මෙම මිහිකතට මෙහෙයක් සිදුවී ඇති දැයි මදක් බලන්න. මෙම විනාශයන් හේතුවෙන් සමහරක් විට මිහිකත විසින් ලගදීම ජීවය මිහිපිටින් අතුගා දැමිය හැක. මෙයට මා හට දිය හැකි ප්‍රායෝගිකම උදාහරණය වන්නේ අපට සිදුවු සුනාමි ව්‍යසනයයි. සුනාමියේදී අපට, අප රටට සිදුවූ විනාශය ඔබට අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ වෙතත් ලෝකය අපට තවමත් මිහිකතගේ හොද දරුවන් වීමට අවස්ථාව ලබාදී ඇති බට මට සිතේ. අම්මලා කවදත් ළමයින්ට ආදරේය. අම්මලාගේ ආදරය රැකගැනීම දරුවන්ගේ වගකීමයි. බුද්ධියෙන් සිතන්න!  

වැඩිදුර විස්තර සදහා ලෝක පෘථිවි දින ජාලයේ නිළ වෙබ් අඩවියට මෙ‍තැනින් පිවිසෙන්න.
සැබැදිය වැඩ කරන්නේ නැත්නම් මෙකෙන් යන්න http://www.earthday.org/
 Earth Day වෙනුවෙන් Google උපහාර දක්වා තිබුනේ මෙලෙසයි.
   
Source: Wikipedia, Earth Day Network
Article By Administrator-[2011 © MaXoRLand Team]

No comments:

Post a Comment