Wednesday, April 27, 2011

මල්ලී උඩට නගින්න


මේක මම ඉස්සෙල්ලා තමයි කියන්න හිටියේ ඒත අර Etisalat 3G ගැන Post එක ලියන්න වුන හින්ද මේක දවසකට කල් දැම්ම. මේක මගේ යාලුවෙක්ට වගේම මේ බ්ලොග් එකට සමීප පොරකට වෙච්ච සිද්ධියක් (සමීප කොහොමද කියලා නම් කියන්න යන්නේ නෑ එතකොට වැඩේ මාට්ටු වෙනවා). ඔන්න මමයි පොරයි දවසම වහින මස්ත බාල්දු දවසක ආවා අනුරාධපුර ටවුන් එකට පොඩි වැඩකට.(Game වගයක් ගන්න. වෙන වැඩකට නෙමේ හරිය) ඔන්න ඇවිල්ලා DVD ටිකත් අරගෙන දැන් යන්න තමයි ලෑස්තිය. වැහැලා හින්ද බස් ටෑන්ඩ් එක නිකං කුඹුරක් වෙලා. (දැන් අලුත් එකක් හදලා තියෙන්නේ විවෘත කරන්න විතරයි තියෙන්නේ හොදේ) ඔන්න අපි බස්ටෑන්ඩ් එකට එනකොටම ආවා අපිට යන්න පුලුවන් බස් එකක්. වහින හින්ද බස් තෝර තෝර ඉන්නේ නැතුව මම දුවලා ගිහින් නැග්ගා බස් එකට (යාලුවවත් ඇදගෙන තමා නැග්ගේ) ඔන්න මම බස් එක Slow කරපු වෙලාවේ නැග්ගා. බස් එකේ ඩ්‍රයිවර් උන්නැහේ බස් එක නැවැත්තුවේ දොර මඩ වලකට ලංකරලා. මම කොහොමහරි බස් එකට නැගලා පිටිපස්සේ ෂීට් එකේ වාඩි වුනා. ඊට පස්සේ තමයි ඉතින් මගේ මිත්‍රයාව මතක් වුනේ. මම බලද්දී මිනිහා Foot board එකෙන් උඩට එන්නේ නෑ. මම බැලුව මෙච්චර බස් එකේ ඉඩ තියෙද්දී මෑන් මොකද එතන කරන්නේ කියලා (ඔය අතරේ පොඩි ගදකුත් ආවා) ඔන්න මම පොඩ්ඩක් Footboard එකකට එබිලා ඇයි මචං කියලා ඇහුවා. හත්තිලව්වයි මිනිහ අර ගද ගහන පල් වෙච්ච ජරා මඩ වලට අඩිය තියලා.

මිනිහගේ එක කකුලක් සම්පූර්නයෙන්ම මඩ වලින් වැහිලා ගද ඉවසන්න බෑ. ඔහොම තියෙද්දී මිනිහ හොයනවා ආපහු මඩ වලක් ඕක හෝද ගන්න. ඒත් ඊලග හෝල්ට් එකට යනකං බස් එක නවත්තන්නේ නෑ. ඔය අතරේ ඔතනට කොන්ද කෑගහගෙන ආවා මගේ මිතුරා ගාවට

කොන්දා - මල්ලී බස් එකේ මෙච්චර ඉඩතියෙද්දී මොකද ඔතනට වෙලා කරන්නේ
මිතුරා - අයියා මේ....   මේ.....
කොන්දා -  ඇයි මොකද මල්ලී?
මිතුරා - අයියා මේ
කොන්දා - අයියෝ මල්ලී, මොකද මේ කරන්න දෙයක් නෑ උඩට එන්න
මිතුරා - අයියා මෙහෙම එන්න බෑනේ

මගේ මිත්‍රයාට පොලව පලා ගෙන යන්න හිතුනලු
ඔන්න අපි ඊලග හෝල්ට් එක ආවා කියමුකො. ඔන්න මගේ මිතුරා පැන්න බස් එකෙන් එලියට දිව්වා මඩ වලක් ගාවට මිනිහ දැන් හෝදනව කකුල. බස් හෝල්ට් එකේ මිනිස්සු මූ දිහා මන්ද මානසිකයෙක් දිහා බලනවා වගේ බලං ඉන්නවා. හැබැයි බස් එකේ මිනිස්සු දන්නේ නෑ මොකද වුනේ කියලා.කොහොමහරි මෑන් නිකං රාජා ‍වගේ තවත් මඩ වලකින්ම කකුලත් හෝදගෙන මිනිහ ඒ හෝල්ට් එකෙන් නැග්ග වගේ බස් එකට නැග්ගා.
නැගලා පිටිපස්සේ ෂිට් එකේ අයිනේ ඉදගත්තා. ඉද ගත්තට පස්සේ මිනිහට එහා පැත්තේ හිටපු අයියා මිනිහගෙන් අහනවා "මොකද්ද මල්ලී සීන් එක?"
අපේ මෑන් නෝ කථා නෝ සීනා බුම්මගෙන ඉන්නවා
පස්සේ අර අයියා කියනවා "ගනන් ගන්න එපා මල්ලී ඕව ඔහොම තමයි"
මගේ මිත්‍රයා බැලුව අර අයියා දිහා බැලිල්ලක් ආයේ මූන නොබලන්න
මිනිහා බැස්සට පස්සෙත් අර මිනිහට බැන බැන යනවා වෙච්ච නොන්ඩිය වහ ගන්න. මම ඉතින් පව් අසරණයා කියලා කට වහගෙන හිටියා පස්සේ නොන්ඩිය දාන්න හිතාගෙන.

7 comments:

  1. හප්පොයි ඕවානම් මොනාද.අපේ ගමේ ඉඳලා ටවුමට යන්න තියන පාරෙ වාහනේක ගියත් මඩ ගැවෙනවා පයින් ගියත් මඩ ගැවෙනවා...ඉස්කෝලෙ යන කාලෙ හැමදාම චා වෙනවා ඕක හන්දා!! :P :P

    ReplyDelete
  2. පව් හෆ්ෆා......යාලුවා!

    @ මදුශාන් : හෆොයි අපෙත් ඔහොමම තමයි! :D

    ReplyDelete
  3. අහ් ඔය කියන්නෙ අනුරාධපුරේ අලුත් ස්ටෑන්ඩ් එකද පරණ ස්ටෑන්ඩ් එක ගැනද?හිහ්...මමත් අනුරාධපුරේ.

    ReplyDelete
  4. @ මදුෂාන් - කොහෙත් ඔහොමයි. ටවුන් එකේ මෙහෙම නම් අනිත් පාරවල් ගැන කවර කතාද?

    @ සසීන්ද්‍ර වීරසිංහ - ඇත්තටම පව්. මිනිහ මේක දැක්ක ගමන් මට Call එකක් දෙයි.

    @ නදී - අලුත් ස්ටෑන්ඩ් එක. පරන ඒක ඒ අතින් හොදයි

    ReplyDelete
  5. @djmaxor ඔව් බාන් අපේ ටවුන් එකනම් දැන් ටිකක් හොදයි...ඉස්සර ගන්න දෙයක් නැ!!

    ReplyDelete
  6. @ මදුෂාන් - ඔව් ඔව් බං රට නෑ කිව්වට දියුනු වෙනව

    ReplyDelete
  7. @djmaxor ඔව් ඉතින් අන බෙර ගහන හැටියටම නැති උනත් ඒකෙන් 10% විතර වෙනවා

    ReplyDelete