Friday, May 25, 2012

ඊලග අවුරුද්දේ එන Despicable Me 2

Despicable Me කියන්නේ මම නම් ආසම movie එකක්. එකේ තියෙන Animation, Comedy මේ හැමදේම හරිම සිත් ඇදගන්නා සුලු විදිහට හදලා තිබුනා. මෙහි පළමු කොටසේ තිබුනේ ගෲ නැමැති පුද්ගලයා විසින් හද හොරකම් කරගෙන යාමේ සිද්ධියයි. මෙහි සිටින Minions නැමැති කුඩා ජීවින් කරන වැඩ නම් පට්ටය.

මෙහි දෙවන කොටස 2013 ජූලි 03 දින නිකුත් කරන්නට නියමිතයි. මෙහි කථාව පිළිබද තවමත් මාධ්‍යට ඉදිරිපත් කර නැත. පහත ඇත්තේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පට කිහිපයකි.



Saturday, August 6, 2011

IRAJ - Policiya (Official Video) (720P) Video Download

ඔන්න ගොඩ කාලයක් නිහඩව හිටපු ඉරාජ් පෙරේදා (04) එයාගේ පොලිසිය සින්දුවේ මියුසික් වීඩියෝ එක Release කරලා තිබ්බා. සුපුරුදු විදිහට මේක Exclusive Release කරලා තිබ්බේ ලංකාවේ සුප්‍රසිද්ධ Forum එකකට. නමුත් අවාසනාවකට ඊට පසු දින වෙබ් අඩවිය අඩාල වී තිබේ. (මේ ලියන අවස්ථාව දක්වාත් වෙබ් අඩවිය ක්‍රියාත්මක නොවේ) ඒ හින්දා මේක Download කරගන්න ගියපු ගොඩක් අයට එම අවස්ථාව මග හැරුනි. ඉක්මනට එම අඩවියේ Admin වරුන්ට මෙම අඩවිය යතා තත්වයට පත් කරගැනීමට හැකි වේ යැයි බලාපොරොත්තු වෙමි. ඔබට පහතින් මෙම මියුසික් වීඩියෝව Download කරගත හැක.

කෙසේ වෙතත් මෙම ගීතය ගැන යමක් කියනවා ඉරාජ් ශ්‍රීලංකාවේ පොලිසියේ අක්‍රමිතා ඉතා සියුම් ලෙස උපහාසයට ලක් කර තිබෙන අතර ලංකාවේ රූපවාහිනි නාලිකා බොහෝ දුරට මෙම වීඩියෝව ප්‍රදර්ශනයෙන් වලකින බව විශ්වාස කලහැකියි (මීට කලින් වෙලා තිබෙනවා) ඉරාජ් අයියා සහ අපේ රටේ සංගීතඥඥයෝ ගැන නම් වෙනම ලිපියක් පල කරන්න පුලුවන් ඒ ගැන කියලා. අටපට්ටම වෙබ් අඩවියේද මේ ගැන ලිපියක් පලවී තිබුනා.

ඔබට මෙතනින් මෙහි වීඩියෝව Download කර ගත හැක.


IRAJ - Policiya (Official Music Video) [720p] {Compressed} {MaXoR}

ගායනය හා සංගීතය - ඉරාජ් වීරරත්න
රූප රචනය - ThaalaRoopa Revolution  

Source: Elakiri.com Official YouTube Channel

Friday, August 5, 2011

The Adventures of Tintin (2011) ගැන තවත් විස්තර ටිකක්

ටිංටිං ගැන කියනවනම් මීට කලිනුත් මම ලිපියක් ඉදිරිපත් කරලා තිබ්බනේ. මේ එම චිත්‍රපටිය ගැන තවදුරටත් කරුනු දැන් පිටවෙලා තියනෙවා. මේ චිත්‍රපටිය සුපිරි අධ්‍යක්ෂකවරුන් කිහිප දෙනෙක් එකතු වෙලා කරන නිර්මානයක් නිසා ලොකු සාර්ථකභාවයක් ලබයි කියා විශ්වාස කල හැකියිත කෙසේ වෙතත් මෙම චිත්‍රපටය නිකුත් වීමට නියමිත වන්නේ 2011 ඔක්තෝබර් 26 වෙනිදා එක්සත් රාජධානියට සහ 2011 දෙසැම්බර් 23 ලොව පුරා ප්‍රදර්ශනය වන පරිදිය. ඒ කියන්නේ නත්තල් වලට. මොනව නැතත් ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන්න කැමති චිත්‍රපටියක් වෙයි කියලා තමා මගේ බලාපොරොත්තුව.

මෙහි කථාව කෙටියෙන් කිව්වොත් ටිංටිං සහ එයාගේ මිත්‍රයෝ ටික කැප්ටන් හැඩොක්ගේ මුතුන්මිත්තෙක් වුනු Sir Francis Haddockගේ ගිලුනු යුනිකොන් නියන නැවක් හොයාගන යනවා. මේ නැවේ නිධානයක් ගෙන යමින් ඉදලා තිබෙනවා. මෙම නිධානය නිධන් හොරුන් වගයක්ගෙන් බේරාගැනීම තමයි ඉතින් චිත්‍රපටියේ තියෙන්නේ.

මෙම චිත්‍රපටිය හර්ජ්ගේ (ටිංටිං කතා මාලාවේ නිර්මාතෘ)  කතා තුනක් අනුසාරයෙන් තමා නිර්මානය වෙලා තියෙන්නේ

01. The Crab with the Golden Claws
02. The Secret of the Unicorn
03. Red Rackham's Treasure

තව දෙයක් කියන්න තියෙනවා අපේ A/L කරන අක්කලාට,අයියලාට හොදට ලියන්න ලැ‍බේවයි කියලත් ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය!!! Good Luck!!!


Thursday, May 5, 2011

ඔබේ පරිගනකයේ වෙලාව ලංකාවේ නිවැරදි වේලාවද?

අපේ ගොඩක් අයගේ පරිගනකයේ වෙලාව වැරදියි. (මගෙත් එහෙමයි). ඕකට ඉතින් තියෙන හොදම විසදුම Time Server එකකින් System Time එක Synchronize කිරීම තමයි. ඒත් ඉතින් කොහෙද ඔය Time Server එක තියෙන්නේ. අන්න ඒක තමයි අද කියලා දෙන්නේ (මේක සුලු දෙයක් වුනාට සමහර අය දන්නේ නෑ).


01. වෙලාව වැටෙන තැන Double Click කරලා හරි, Right Click කරලා එන මෙනූ එකෙන් Adjust Date/Time තෝරලා හරි Date And Time Properties වින්ඩොව් එක ගන්න.

02. ඒකේ Time Zone Tab එක සිලෙක්ට් කරලා (GMT +05:30) Time Zone එක දෙන්න.

03. ඊට පස්සේ Internet Time කියන Tab එක සිලෙක්ට් කරලා Server කියන තැනට sltime.org කියන URL එක දෙන්න. දැන් Update Now ක්ලික් කරන්න. එච්චරයි!
04. දැන් ඔයාගේ වෙලාව හරිද කියලා බලන්න ඕනේ නම් http://www.sltime.org වෙබ් අඩවියට යන්න. එවිට ඔබේ වෙලාව නිවැරදිව Config වෙලා තියෙනවද කියලා පෙන්නාවි.

ප.ලි:- මෙය ශ්‍රීලංකාවේ සම්මත වෙලාවයි. වෙනත් රටවල සම්මත වේලාවට මෙය අනුකූල නොවේ. (පින්තූර පැහැදිලි නැත්නම් ඒවා උඩ ක්ලික් කර බලන්න)

Source:- www.sltime.org

Tuesday, May 3, 2011

Friday, April 29, 2011

Lyrics Of Mathakada Handawe - Raini & Ruwan | මතකද හැන්දෑවේ රයිනි සහ රුවන්

මතකද හැන්දෑවේ - සිංහාවලෝකනය චිත්‍රපටයෙන්....

අහසේ තරු කැන් ඉහිලා දුකකින් වගේ
අඳුරේ හෑඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ

ඔබ පෙරදා ආදරේන්
මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //

තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා ...
මනරම් හෑඟුම් දහස සොඳුරේ ඔබමයි සැමදා .....

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා

සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී ...
හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ.....

ඔබ පෙරදා ආදරේන් මා ලගින් උන් හැටී
එහි සැමරුම් රූපමයි ජීවිතේ

මතකද හැන්දෑවේ අපි දෙන්නා
මන්දාරම් අඳුරේ
දවසක් දා මල් වැස්සේ තෙමුනා //

[මේකේ වැරදි තියෙනවා නම් Comment එකක් දාන්න]
[අනේ කොපි කරනවා නම් නමවත් දාන්න]
Published By:- MaXoR (Administrator)

Wednesday, April 27, 2011

මල්ලී උඩට නගින්න


මේක මම ඉස්සෙල්ලා තමයි කියන්න හිටියේ ඒත අර Etisalat 3G ගැන Post එක ලියන්න වුන හින්ද මේක දවසකට කල් දැම්ම. මේක මගේ යාලුවෙක්ට වගේම මේ බ්ලොග් එකට සමීප පොරකට වෙච්ච සිද්ධියක් (සමීප කොහොමද කියලා නම් කියන්න යන්නේ නෑ එතකොට වැඩේ මාට්ටු වෙනවා). ඔන්න මමයි පොරයි දවසම වහින මස්ත බාල්දු දවසක ආවා අනුරාධපුර ටවුන් එකට පොඩි වැඩකට.(Game වගයක් ගන්න. වෙන වැඩකට නෙමේ හරිය) ඔන්න ඇවිල්ලා DVD ටිකත් අරගෙන දැන් යන්න තමයි ලෑස්තිය. වැහැලා හින්ද බස් ටෑන්ඩ් එක නිකං කුඹුරක් වෙලා. (දැන් අලුත් එකක් හදලා තියෙන්නේ විවෘත කරන්න විතරයි තියෙන්නේ හොදේ) ඔන්න අපි බස්ටෑන්ඩ් එකට එනකොටම ආවා අපිට යන්න පුලුවන් බස් එකක්. වහින හින්ද බස් තෝර තෝර ඉන්නේ නැතුව මම දුවලා ගිහින් නැග්ගා බස් එකට (යාලුවවත් ඇදගෙන තමා නැග්ගේ) ඔන්න මම බස් එක Slow කරපු වෙලාවේ නැග්ගා. බස් එකේ ඩ්‍රයිවර් උන්නැහේ බස් එක නැවැත්තුවේ දොර මඩ වලකට ලංකරලා. මම කොහොමහරි බස් එකට නැගලා පිටිපස්සේ ෂීට් එකේ වාඩි වුනා. ඊට පස්සේ තමයි ඉතින් මගේ මිත්‍රයාව මතක් වුනේ. මම බලද්දී මිනිහා Foot board එකෙන් උඩට එන්නේ නෑ. මම බැලුව මෙච්චර බස් එකේ ඉඩ තියෙද්දී මෑන් මොකද එතන කරන්නේ කියලා (ඔය අතරේ පොඩි ගදකුත් ආවා) ඔන්න මම පොඩ්ඩක් Footboard එකකට එබිලා ඇයි මචං කියලා ඇහුවා. හත්තිලව්වයි මිනිහ අර ගද ගහන පල් වෙච්ච ජරා මඩ වලට අඩිය තියලා.

මිනිහගේ එක කකුලක් සම්පූර්නයෙන්ම මඩ වලින් වැහිලා ගද ඉවසන්න බෑ. ඔහොම තියෙද්දී මිනිහ හොයනවා ආපහු මඩ වලක් ඕක හෝද ගන්න. ඒත් ඊලග හෝල්ට් එකට යනකං බස් එක නවත්තන්නේ නෑ. ඔය අතරේ ඔතනට කොන්ද කෑගහගෙන ආවා මගේ මිතුරා ගාවට

කොන්දා - මල්ලී බස් එකේ මෙච්චර ඉඩතියෙද්දී මොකද ඔතනට වෙලා කරන්නේ
මිතුරා - අයියා මේ....   මේ.....
කොන්දා -  ඇයි මොකද මල්ලී?
මිතුරා - අයියා මේ
කොන්දා - අයියෝ මල්ලී, මොකද මේ කරන්න දෙයක් නෑ උඩට එන්න
මිතුරා - අයියා මෙහෙම එන්න බෑනේ

මගේ මිත්‍රයාට පොලව පලා ගෙන යන්න හිතුනලු
ඔන්න අපි ඊලග හෝල්ට් එක ආවා කියමුකො. ඔන්න මගේ මිතුරා පැන්න බස් එකෙන් එලියට දිව්වා මඩ වලක් ගාවට මිනිහ දැන් හෝදනව කකුල. බස් හෝල්ට් එකේ මිනිස්සු මූ දිහා මන්ද මානසිකයෙක් දිහා බලනවා වගේ බලං ඉන්නවා. හැබැයි බස් එකේ මිනිස්සු දන්නේ නෑ මොකද වුනේ කියලා.කොහොමහරි මෑන් නිකං රාජා ‍වගේ තවත් මඩ වලකින්ම කකුලත් හෝදගෙන මිනිහ ඒ හෝල්ට් එකෙන් නැග්ග වගේ බස් එකට නැග්ගා.
නැගලා පිටිපස්සේ ෂිට් එකේ අයිනේ ඉදගත්තා. ඉද ගත්තට පස්සේ මිනිහට එහා පැත්තේ හිටපු අයියා මිනිහගෙන් අහනවා "මොකද්ද මල්ලී සීන් එක?"
අපේ මෑන් නෝ කථා නෝ සීනා බුම්මගෙන ඉන්නවා
පස්සේ අර අයියා කියනවා "ගනන් ගන්න එපා මල්ලී ඕව ඔහොම තමයි"
මගේ මිත්‍රයා බැලුව අර අයියා දිහා බැලිල්ලක් ආයේ මූන නොබලන්න
මිනිහා බැස්සට පස්සෙත් අර මිනිහට බැන බැන යනවා වෙච්ච නොන්ඩිය වහ ගන්න. මම ඉතින් පව් අසරණයා කියලා කට වහගෙන හිටියා පස්සේ නොන්ඩිය දාන්න හිතාගෙන.

Tuesday, April 26, 2011

Etisalat 3G? ලාබයි ලාබයි ලාබයි!!!

මම මුලින්ම වෙන පෝස්ට් එකක් තමයි දාන්න හිටියේ. (මගේ යාලුවෙක්ට වෙච්ච සීන් එකක්ග පොඩි රස කථාවක්) ඒත් අද කරපු පොඩි පරික්ෂනයකින් පස්සේ මට හිතුනා මේ පෝස්ට් එක දාන්න. කෙලින්ම ගේමට එන්ටර් වෙන්නන්කෝ වටේ කැරකෙන්නේ නැතුව. අපිට ඉතින් ලංකාවේ ඉන්ටර්නෙට් ISP ලා ටික රත්තරන්නේ.(‍අනේ ඉතින් මගේ කට). ඔන්න ඔය ISP අංකල්ලා අපිට දෙන පැකේජ් අපේ ඇස් වහලා දෙන්නේ කියලත් දන්නවනේ. 3.6 Mbps කනෙක්ෂන් එකක් නම් ලැබෙන්නේ උපරිම 256 Kbps. ඔන්න ඔහොමනේ තත්වේ. ඔන්න ටිකක් හරි Speed කනේක්සොන් එකක් ගන්න පුලුවන් ශ්‍රී ලඩකා බෙල් එකෙන්. එත් ඉතින් ඒව්ව ගිනි ගනන් නේ. අපි වගේ එවුන්ට මොන ලඩකා බෙල්ද? (සමහර අයට) අන්න ඒක නිසා අපිට ඉතින් HSDPA තාක්ෂනේ පිහිට තමයි. එහෙම කියලත් අන්ලිමිටඩ් දෙන්නෙත් අපේ ඩයලොග් අයියලා නේ. අපේ ලංකාවේ ඉන්ටර්නෙට් පරන විදිහට කියනවනම් කොරියාවේ ඉන්ටර්නෙට් වගේ. අද විදිහට කියනවනම් සෝමාලියවේ මුහුදු මංකොල්ලකාරයොත් මීට වැඩිය සැපට ජංජාලේ පාවිච්චි කරනවා. (කොරියාවේ තමයි අද හොදම ඉන්ටර්නෙට් සේවා තියෙන්නේ, කොරියන් කාරයෝ ඉන්නවා නම් සොරි වේවා.මම නිකන් කටට ආවට කිව්වේ. මගේ මාස්ටරුත් කොරියන්. පස්සේ දවසක එතුමා ගැන දාන්නම්)

කොහොම වුනත් මීට මාස කිහිපයකට කලියෙන් Etisalat Srilanka සමාගම ඔවුන්ගේ පේස් බුකිය හරහා නිවේදනය කොලා 3G පහසුකම් දෙන බව. මෙන්න මේ විදිහට

ඔන්න ඔහොම අප්‍රේල් මාසේ එනවා කියපු එටිසලාට් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් 3.75 G තාක්ෂනයෙන් යුක්තයි. දැන් අහන්න එපා මොකක්ද 3.75 කියන්නේ කියලා. ඒක ගැන පස්සේ පොස්ට් එකක් දාන්නම්. කෙසේ වෙතත් දැන් අප්‍රේල් ඉවර වෙන්නත් ලගයි. එටිසොලාට් ගොයියා අපිව අන්දනවද දන්නේ නෑ. මොනව නැතත් කට්ටියම බලාපොරොත්තු වෙන්නේ ලාබෙට වේගවත් අන්තර්ජාල සබදතාවයක් ලබාගැනීටයි.

කෙසේ වෙතත් මම අද මගේ HSDPA මොඩම් එක නිකමට වගේ මැනුවල් සර්ච් පාරක් දැම්මා. මෙන්න බොලේ වෙනදා පෙන්නුවේ DIALOG (3G) කියලයි Mobitel (3G) කියලයි විතරයි. ඒක දැකලම මට එපාවෙලා තිබ්බේ. ඒත් අද ඒකට අලුත් සගයෙක් එකතුවෙලා ඒ Celltel (3G)

පේන්නේ නැත්නම් ලොකු කරලා බලන්න
(Celltel කියලා තියෙන්නේ Network එක තාමත් වැඩ කරන්නේ මුල් සමාගම හදපු Network Structure එකටම හින්ද). පේන විදිහට ලොකු 3G coverage එකක් දෙන්න ‍වගේ යන්නේ පටන් ගද්දීම. අන්න company.Customers ලාට සලකන (පොඩ්ඩක් කඩේ ගියා).මොනව වුනත් මේ ආරබි කාරයා හෙට අනිද්දාම අපිට ජංජාලේ සැරසරන්න දෙන බට ෂුවර්. පට්ට නෙව. ඒ වුනත් මම නිකං බැලුවා Etisalat මව් සමාගම කොහොමද එහේ ඉන්ටර්නෙට් වලට අයකරන්නේ කියලා. බුදු අම්මො අන්ලිමිටඩ් පැකේජ් එක 395 AED (රුපියල් 12000.00) සෙල්ලං නෑ. (මම හිතන්නේ ඕකට ‍ගොඩක් හේතු ඇති) එහේ ඉතින් තඩි රටකට Coverage එක දෙන්නත් තියෙනවානේ. අනිත් එක තෙල් හින්ද පට්ට සල්ලියක් තියෙන්නෙත්. හරි හරි කමක් නෑ අපිට ඔය සෙල්ලං දාන්න එන්න එපා හරි කුඩු වෙන්න ගහනවා හරී (කාටවත් ඇහුනේ නෑනේ)

P.S - අද පොස්ට් එක ටිකක් දිග වුනා ගනන් ගන්න එපා. තව ආරංචි තියෙනවා නම් Comment තීරුවේ දාන්න.

Posted By:- MaXoR (Site Administrator - 2011-04-26)

Friday, April 22, 2011

අපි කොහොමද මිහිකතට සැලකුවේ

අද මිනිසාට වගේම මිහිකතටත් විශේෂ දවසක්. ඒ අද (22 වෙනිදා) මිහිකත දිනය වන නිසායි. ලෝකයම අද මිහිකත වෙනුවෙන් සමරනවා. (මට නම් ලංකාවේ ඒ බවක් පෙනුනේ නෑ. පෙනුනනම් අදහස් තීරුවේ දක්වන්න)  මුලින්ම බලමු මෙම මිහිකත දිනයේ ඉතිහාසය. ලෝක මිහිකත දිනය පිලිබද මුල්ම අදහස එක් කලේ ඇමරිකානු සෙනෙට් සභික ගේලොඩ් නෙල්සන් විසින් පරිසර සමුලුවකදී 1970 අප්‍රේල් 22 දිනයි. මුල්ම මිහිකත දිනය ඇමරිකාව තුල පමණක් ක්‍රියාත්මක වූවකි. නමුත් එම පරිසර සංවිධානයේ නිර්මාතෘ වන ඩෙනිස් හෙයිස් තමයි ලෝකය වෙත 1970 දී මෙම දිනය පිළිබද අදහස ලෝකයට ගෙන ගියේ. එදා සිට අද වන තුරු ලෝකය පුරා වාර්ෂිකව මෙම දිනය සමරනු ලබනවා. මේ සමරන්නේ 40 වෙනි මිහිකත දිනයයි.
                                                                  ගේලොඩ් නෙල්සන්
                                                       

40 වෙනි මිහිකත දිනය අප සැමරුවාට ලෝකය මිනිසාට නැත්නම් ජීවින්ට වසර මිලියන ගනනක් තම සෙවෙන ලබා දී තිබෙනවා. ජීවයේ පරිනාමයට අතීතයේදීත්, අදත්, අනාගතයටත් සෙවන සලසනවා ඇති. එසේ කරන ලද ‍පෘථිවියට පසුගිය සියවසේදී පමණක් මිනිසා නැමැති ඉහල බුද්ධියක්, චින්තන හැකියාවක් ඇති ජීවියා කරන ලද දායාද කීරීම් පිලිබද මේ 40 වෙනි මිහිකත දිනයේදී ඔබ මදක් කල්පනා කර බලන්න. ඔබගෙන් මෙම මිහිකතට මෙහෙයක් සිදුවී ඇති දැයි මදක් බලන්න. මෙම විනාශයන් හේතුවෙන් සමහරක් විට මිහිකත විසින් ලගදීම ජීවය මිහිපිටින් අතුගා දැමිය හැක. මෙයට මා හට දිය හැකි ප්‍රායෝගිකම උදාහරණය වන්නේ අපට සිදුවු සුනාමි ව්‍යසනයයි. සුනාමියේදී අපට, අප රටට සිදුවූ විනාශය ඔබට අමුතුවෙන් කිව යුතු නැත.

කෙසේ වෙතත් ලෝකය අපට තවමත් මිහිකතගේ හොද දරුවන් වීමට අවස්ථාව ලබාදී ඇති බට මට සිතේ. අම්මලා කවදත් ළමයින්ට ආදරේය. අම්මලාගේ ආදරය රැකගැනීම දරුවන්ගේ වගකීමයි. බුද්ධියෙන් සිතන්න!  

වැඩිදුර විස්තර සදහා ලෝක පෘථිවි දින ජාලයේ නිළ වෙබ් අඩවියට මෙ‍තැනින් පිවිසෙන්න.
සැබැදිය වැඩ කරන්නේ නැත්නම් මෙකෙන් යන්න http://www.earthday.org/
 Earth Day වෙනුවෙන් Google උපහාර දක්වා තිබුනේ මෙලෙසයි.
   
Source: Wikipedia, Earth Day Network
Article By Administrator-[2011 © MaXoRLand Team]

Monday, April 4, 2011

The Adventures of Tintin: The Secret of the Unicorn (2011)


පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා කිව්වලු. මෙන්න Tin Tin ආයේ එනවලු. 1991 දී අන්තිම එක හදලා අවුරුදු 20 කට පස්සේ තමා මේක එන්නේ. මේක 3D Animated/Motion Capture මූවී එකක්. මේකේ පොඩි විස්තඑ ටිකක් මේ ...

පිටවන දිනය - 2011 දෙසැම්බර් 23
අධ්‍යක්ෂණය -  ස්ටීවන් ස්පිල්බර්ග්
තිර රචනය - ස්ටීවන් මොට්, එඩ්ගාර් රයිට්, ජෝ කෝනිෂ්‍
නිෂ්පාදනය - පැරාමවුන්ට් පික්චර්ස් සමග සෝනි මෝෂන් පික්චර්ස් (Paramount And SONY)
චිත්‍රපට ගනය - විද්‍යා ප්‍රබන්ධ, පවුලේ සැමට

හර්ජ්ගේ Adventure of Tin Tin කෘති අනුසාරයෙන් චිත්‍රපටය නිපදවීමට නිෂ්පාදක කණ්ඩායම බලාපොරොත්තු වෙනවා



මෙහි Tin Tin ට හඩකැවීම සහ මෝෂන් කැප්චර් වලට සහභාගී වන්නේ ජිමී බෙල් වේ.
කෙසේ වෙතත් ලෝකය පුරා ජනප්‍රිය වූ TV Series එකක් වන Tin Tin අපේ රටෙත් රූපවාහීනී නාලිකා කිහිපයක් හඩ කවා පට්ට ගැසූ බව ඔබ සැමට මතක ඇති. කෙසේ වෙතත් පෙර ටීවී සීරීස් එක වගේම චිත්‍රපටයත් ජනප්‍රිය වේ යැයි විචාරකයන් අදහස් දක්වනවා. එච්චරයි තමයි. දැන් ඉතින් තියෙන්නේ මේ අවුරුද්දේ අන්තිම වෙනකන් බලං ඉන්න. මම හිතන්නේ දෙසැ.23 Release Date එක කරලා තියෙන්නේ X'Mas/Winter Holiday එකට ලොකු Market එකක් ටාගට් කරලා තමයි.

Sunday, April 3, 2011

Gmail Motion! Gmail දැන් ඇගටත් ප්‍රතිචාර දක්වයි!


Office වල වැඩ කරන කට්ටියට එහෙම Busy වෙලාවට එහෙම Click කරන්න ගියාම එපා වෙනවා ඇතිනේ? Google ඒකට විසදුමක් ලෙස Google Mail Motion BETA හදුන්වා දී තිබෙනවා. මෙය තවම තිබෙන්නේ BETA මට්ටමේ වේ. ඔබට මෙම පහසුකම විදින්නට අවශ්‍ය වන්නේ  Web Camera එකක් පමණයි. මෙහිදී විවිද කථන අපහසුතා තිබෙන අයටද e-mail ලිවීමේ හැකියාව Body Language හරහා ලැබෙනවා.

මේ Gmail Motion පිලිබද විශේෂඥ අදහස්



ඔබටත් දැන් Gmail Motion මෙතැනින් ලබාගත හැකියි

 මෙතැනින් ලබාගන්න

 මේක ගැන Comment එකකුත් දාලා යන්න අමතක කරන්න එපා!

Friday, March 25, 2011

Australia Vs. India ICC CWC 2011 2nd Quarter Final Match (කැන්ගරුවන්ට මූණ දෙන්න බැරුව සිටී)

දැනට පැය 2 කට පමණ පෙර තීරණාත්මක ඕස්ට්‍රේලිය හා ඉන්දීය පිළ අතර 2011 ලෝක කුසලාන තරගාවලියේ 2 අර්ධ අවසන් පූර්ව තරගය නිමා වුනි.
හරි දැන් මෙතන ඉදන් තේරෙන භාෂාවෙන් ලියන්නම්කෝ. මම මේක ලියන්නේ කැන්ගරුවන්ට මූණ දෙන්න බැරුව සිටින අවස්ථාවක සිටයි. ඒක හින්ද ඒ අය මූණ හංගගෙන. මේ වෙලාවට තමයි ළහිරුගේ බජිරි සිංදුව අපරාදේ තහනම් කරේ කියලා හිතෙන්නේ. අපේ මිනිස්සුන්ට අර රස විඥානය කියන එව්වා එක නෑනේ. ඒකනේ මේ ඔක්කොටම මුල.

ඉන්දියන් කාරයෝ ගැහුවා කැන්ගරුවන්ට උඩ දාගෙන. වැදුන වැදිල්ලට ‍රිකී පොන්ටියා අනිවාර්්‍යන්ම අද රැම ඉන්දියාවෙන් මාරු වෙන එක ආය ෂුවර්. උන්ට නෝන්ඩිය ඉවසගන්න බැරුව ඇති.
ඊලගට ඉන්දියාවට තිබෙන්නේ තවත් තීරණාත්මක තරගයක් ඒ පකිස්ථාන පිළට එරෙහිවයි
ඇත්තටම මට ඕස්ට්‍රේලියාව පැරදුන සතුටට මේක නොලියා ඉන්න බැරි වුනා. ඒකයි මේක ලිව්වේ
තව මට ලැබිලා තියෙනවා මෙම තරගයේ දැන් ටිකකට කලින් පිටවුනු උනු උනු දුම් දාන පින්තූර වගයක්. ඔයාලටත් පේනවනේ දුම් දානවා.














Thursday, March 24, 2011

‍‍ශ්‍රී ලාංකික Facebook සාමාජික ඔබ සැමට

මේ Post එක දාන්නේ ටිකක් හදිසියෙන් වචන එහෙම ටැපලිලා තිබුනොත් සියලු සත්වයෝ මා වෙනුවෙන් කමත්වා!


මේකයි කථාව, දැන් ටිකකට කලින් මම බනියත් එක්ක මූනුපොතේ™ චැටක් දාගෙන හිටියා පොඩි ආගම් පළහිලව්වක් ගැන (බ්ලොග් අවකාශයේ මිතුරෝ හවුලේ හිටපු අය දන්නව ඇති සිද්ධිය) ඔන්න මම PirateBunny ට පොඩි උපදේශයකුත් දීලා චැට් එක ඉවර කරා. ඊට පස්සේ ඉතින් මම පොඩ්ඩක් බැලුවා බුදුහාමුදුරුවෝ ගැන මූනුපොතේ(Facebook™) කොච්චර Pages තියෙනවාද කියලා. කියන්න සතුටුයි හුගක් තියෙනවා (ගනන් කරේ නෑ) ඔන්න ඔහොම බල බල...... යන අතරේ හම්බවුනා මෙන්න මේක BuddhaPie කියලා කැනඩාවේ ටොරොන්ටෝ වල තියෙන පීසා අවහන්හලක්.

මුං කන්නේ බුද්ධ ධර්මය. ඒක Page එකේ වැඩිය කියලා නැති වුනාට බලන්න Web Address එකේ නම පොඩ්ඩක්! http://www.facebook.com/eatBuddhaPie
මේ Restarunt එකට තව Page තියෙනවා (ඊ-සිංහලයා තමයි මේ Page ටික හොයලා දුන්නේ)

01. https://www.facebook.com/eatBuddhaPie
02.  https://www.facebook.com/buddhapie 
03   https://www.facebook.com/pages/Buddha-Pie/171399472877606



ඔන්න ඕකයි Site එක
 මේක Official Site එකලු- http://www.buddhapie.ca

දැන් අපි මේකට මොකද්ද ගන්න action එක. Facebook එකේ අපිට මේකට කරන්න දෙයක් තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. ඒ Facebook Team එකට මේක පිලිබද Report කිරීම. ඒ ගොල්ලෝ මේ වගේ Commercial දෙයක් එක් කෙනෙක් කිව්ව පලියට අයින් කරන්නේ නෑ. අන්න එතනදී තමයි අපි ඔක්කොම එකතු වෙලා මේ දේ කරන්න ඕනේ.
Page එකක් Report කරන විදිහ දන්නැති අයට දැනගන්නත් එක්ක මෙතන දාන්න හිතුවා.
ඔයාලටත් දවසක ඔයාලට හානි වෙන දෙයක් Facebook එකේ තිබුනොත් එදාට මේ සේවය ඕනේ වෙනවා

Facebook™ හි Content එකක් Facebook Developing Team එකට Report කරන ක්‍රමය

01. Facebook වල ඕනෑම Content එකක වම් පැත්තේ අයිනේ මෙවැනි Link එකක් ඔබට දැක ගත හැකියි
02. එම Link එකෙන් ඔබව මෙවැනි Window එකකට ගෙන එනවා, ඉන්පසු රූප වල දැක්වෙන පරිදි ඉදිරියට යන්න.

03. ඔය Step එකෙන් පස්සේ Submit කියන බොත්තම ඔබන්න. දැන් මෙම Message එක ඔබට ලැබෙයි.
                                                                                                                                                      


Top Secret:- මගේ Intelligence Devision එක මගින් මේක තියෙන තැනත් හොයාගත්තා. මෙන්න ඒකත් දැම්මා
හරි කට්ටියම එහෙනම් Report කරන වැඩේ පටන් ගමු. Comment එකක් දාලා යන්න. ඔබගේ අදහස් මෙයට උපකාරී වේවී. මතක් කරලා Facbook ඉන්නවනම් මේක Report කරන්න. අපේ පැත්තෙන් වෙන්න ඕනේ දේ අපි කරමු.



P.S:- තව දෙයක් කියන්න ඕ‍නේ මේක ගැන Facebook එකේ කථා කරා විතරයි. ඒ වෙනකොට Online හිටපු අයගෙන් හොද ප්‍රතිචාර ආවා. මේ අපේ අච්චාරු මුදලාලිගේ Post එක මෙතැනින් ගන්න

Sunday, November 21, 2010

P.R.E.M.I - RaviHans OneStepAhead Ft. Samitha

[RaviHans Team Performe - Intro]

ප්‍රේමී අරවින්දයත් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා

රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
හිර හද දිව්රන ප්‍රේමවන්තයා

[Rap Perfomed By RaviHans And OneStepAhead]

Who The Hec Kiss a more direct too
To back To you get to run in the move chika
i am the best from the east to west
wanna taste is put a hannama chest

[Rap By OneStepAhead]

Say watch you wanna say
catch you got i am a say
then a got a best
for you right here now
you my CJ
Back is a nice
he finna
Say The More So
Would happen bunch

come with me
she says what is Fiyo
come with me
You Know The bummy in CJ
ram with he
take it the we are the say Who Ya!

[Repeat][RaviHans Team Performe - Intro]

ප්‍රේමී අරවින්දයත් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා

රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
හිර හද දිව්රන ප්‍රේමවන්තයා

[Samitha Performe - Verse 01]

දැන් එන්න පෙම්වන්තකම් පෙන්නලා යන්න
උන්මාදයෙන් ඉන්න පෙම්බැන්ද මං එක්ක
පිරිමැද්ද කන් පෙත්ත රත් වෙච්ච හින්දාම
මං තාම මත් වෙච්ච  පෙම්වන්ති ඔබ නේද

[RaviHans Team Performe - Verse 02]

සිහිනේ එලි වෙන්න නම් එපා
අදුර දී දුක් දෙන්න නම් එපා
යහනේ තනි වෙන්න දෙන්න එපා
උකුලට
 වෙන උන් ගන්න නම් එපා..//

[Repeat][RaviHans Team Performe - Intro]

ප්‍රේමී අරවින්දයත් වෙලා
සුවද දී හැර යන්න නම් එපා
සිඹිමි-හරි ආදරෙන් එදා
ඔබ මට මේ ලොව සුරලොවක් කලා

රාමා මගේ වීරකම් කියා
සීතා තරම් ඔබ වටී කියා
මායාවක ඔබ දමා ගියා
හිර හද දිව්රන ප්‍රේමවන්තයා ..//
 
 
(මේ ටිකත් කියලම POST එක ඉවර කරන්න හිතුවා. මේකෙ Lyrics මුලින්ම Upload වෙන්නේ දැනුයි. ඒ වගේම මේ සිංදුව කියද්දී එක්කෝ Samitha ගේ හක්කේ අමාරුවක් හරි RaviHans මේක Studio එකේ Compose කරද්දී අත වෙන කොහේ හරි වැදිලා වැරදි Plug-in එකක් හරි Samitha ගේ කෑල්ලට Add වෙලා තියෙනවා. ඒක හින්දද කොහේද මාර ගේමක් දුන්නේ Samitha ගේ කෑල්ල ලියා ගන්න. ලියා ගන්න කිව්වට මේ Type කරන්න. හරි එහෙනම් ඊලග Post එකෙන් හමුවෙමු)

2010 © MaXoR Land™ Developing Team 
(Posted By: "RoCk MaXoR" - Administrator, "RAzOR" - Music & DJ Administrator)

harry potter and the deathly hallows part 1 Released

දැන් ඔයාලට Harry Potter And The Deathly Hallows Part 1 බලන්න පුලුවන්. මම පොරොන්දු වෙච්ච විදිහට Torrent එක දෙන්න Touch එකේ ඉන්නේ. ඒ වුනත් තාම හොද Quality RiP එකක් ජංජාලෙට දාලා නෑ. තාම Fake ඒවයි Camera Capture Copy තමයි තියෙන්නේ. ඔය ගොල්ලන්ට මේක බලන්නම ඔන නම් මෙන්න Cam RiP Torrent එක මෙතනින් ගන්න (හැබැයි මතක තියාගන්න මේක Quality එක ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ)

මෙන්න ඒක එනකන් Harry Potter පරණ Series ටික Download කරගන්න.


01. Harry Potter and the Philosophers Stone (2001)

02. Harry Potter and the Chamber of Secrets (2002)

03. Harry Potter and the Prisoner of Azkaban (2004)

04. Harry Potter and the Goblet of Fire (2005)

05. Harry Potter and the Order of the Phoenix (2007)

06. Harry Potter and The Half Blood Prince (2009)

 මේවායේ RAR File තමා තියෙන්නේ. දන්නවනේ Extract කරන්න තියෙන්නේ 7-zip Download Zone | 7-zip මෙතනින් ගන්න වලින්.

Password එකට "300mbunited" කියන එක Without Double Qutoation Type කරන්න.

එහෙනම් අපිත් එක්කම ඉන්නකෝ අලුත් Harry Potter එක ගන්න.


2010 © MaXoR Land™ Team (Posted By: "RoCk MaXoR" - Administrator)


As Long As You Love Me - BackSt. Boys Lyrics

As long as you love me

Although loneliness has always been a friend of mine
I'm leavin' my life in your hands
People say I'm crazy and that I am blind
Risking it all in a glance
And how you got me blind is still a mystery
I can't get you out of my head
Don't care what is written in your history
As long as you're here with me

I don't care who you are
Where you're from
What you did
As long as you love me
Who you are
Where you're from
Don't care what you did
As long as you love me

Every little thing that you have said and done
Feels like it's deep within me
Doesn't really matter if you're on the run
It seems like we're meant to be

I don't care who you are (who you are)
Where you're from (where you're from)
What you did
As long as you love me (I don't know)
Who you are (who you are)
Where you're from (where you're from)
Don't care what you did
As long as you love me (yeah)

I've tried to hide it so that no one knows
But I guess it shows
When you look into my eyes
What you did and where you're comin from
I don't care, as long as you love me, baby

I don't care who you are (who you are)
Where you're from (where you're from)
What you did
As long as you love me (as long as you love me)
Who you are (who you are)
Where you're from (where you're from)
Don't care what you did (yeah)
As long as you love me (as long as you love me)
Who you are (who you are)
Where you're from
What you did
As long as you love me
Who you are (who you are)
Where you're from (where you're from)
As long as you love me
Who you are
As long as you love me
What you did (I don't care)
As long as you love me

2010 © MaXoRලන්තය (MaXoRLand Team) - Posted By Admin- - "RoCk MaXoR" -

Sunday, November 7, 2010

එනවා! එනවා! එනවා! Harry Potter and the Deathly Hallows Part 1

Harry Potter and the Deathly Hallows Part 1 මේ වන විට අන්තර්ජාල‍යේ වැඩි වැඩියෙන් කතාබහ වෙන මාතෘකාවක්. 2010 නොවැම්බර් 17 වෙනිදා එලියට එන්න තිබෙන Harry Potter කථා මාලාවේ 7 වැන්න හෙවත් අවසාන කොටසයි මෙසේ එලි දැක්වෙන්න නියමිත වෙලා තියෙන්නේ. අ‍නෙක් Harry Potter සීරියස් වලට වඩා මේක දිග වැඩි වී‍ම හේතුවෙන් කොටස් 2 කින් චිත්‍රපටය රූගත කිරීමට නිෂ්පාදක  Warner Brothers ආයතනය තීරණය කර තිබුනා. ඒ අනුව එහි පලමු වැන්න Harry Potter and the Deathly Hallows Part 1 ලෙස එලබෙන 17 වෙනිදා ලොව පුරා ප්‍රදර්ශනය වීම ඇරඹෙනවා. මෙතනින් තවත් තොරතුරු. හොදයි ඒක ගැන එච්චරයි. මෙම චිත්‍රපටය අන්තර්ජාලයට එකතුවුනු විගස ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. රැදී සිටින්න අප සමග දිගටම.

 බර සාකච්චාවක්!!!

 ලොකු වැඩ පාරක් දානවා වගේ!


ආ! මේක ගන්න හැරී

 පික්නික් එකක් යනවා වගේ

2010 © MaXoRලන්තය™ Team